Volley Ball

                                      Volley Ball වූ කලී ඇමරිකාවේ ප්‍රභවය ලද සැහැල්ලු සරල ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව නිර්මාණය කරන ලද්දේ තරුණ ක්‍රිස්තියානි සංගමයට සම්බන්ධව සිටි ක්‍රීඩා උපදේශක වරයෙකි. ඇමරිකාවේ මැසචුසෙච් ප්‍රාන්ත්යේ හෝල්ඩන් නගරයේ  W.P. Mogan යනු එම තැනැත්තාය. සියලුම වයස් සීමාවන්ට සරිලන ක්‍රීඩාවක් ලෙසින් 1895දී, ඔහු මෙය නිර්මාණය කරන ලදී. මෙම ක්‍රීඩාව ලොව පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමට බලපෑ හේතුව වන්නේ තරුණ ක්‍රිස්තියානි සංගමය මෙයට අනුග්‍රහය දැක්වීමයි.
                                      මුල් යුගයේදී මෙම ක්‍රීඩාවේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් නම දෙනෙක් ඇතුලත් විය. නමුත් 1920 වන විට මෙය හය දෙනෙකු දක්වා වෙනස් විය. මෙම ක්‍රීඩාව සටන්කාමී ක්‍රීඩාවක් ලෙසින් හැඳින්විය හැක. එයට හේතුව පන්දුව රැගෙන වෙන අයෙකුට පාස් කිරීමත්, ඔහු එයට තද පහරක් එල්ල කිරීමත් සිදු වන නිසාය.

                                   මෙම  Volley Ball  ක්‍රීඩාව වියදම් රහිත වූවකි. එසේම වැඩි කාලයක් වැය නොවන හා වැඩි ඉඩක් ද අවශ්‍ය නොවන ක්‍රීඩාවකි. ආසියාවේ පාසල් අතර මෙම ක්‍රීඩාව ව්‍යාප්ත වීමට මෙය ප්‍රධාන හේතුවකි. පසුව මෙය 1913 දී පෙරදිග ක්‍රීඩා උළෙලට ඇතුලු විය. Volley Ball  ක්‍රීඩාව ඇමෙරිකානු හමුදා මඟින් යුරෝපය පුරා පැතිරිණි. එමෙන්ම 1947 දී ජාත්‍යන්තර වොලිබෝල් සංගමය බිහි විය. මෙම ක්‍රීඩාවේ ජනප්‍රියත්වය කොතෙක්ද යතුලින්ම රටවල් සීයක් මෙම සාමාජිකත්වය ලබා ගත්හ. පළමුව ප්‍රථම ලෝක ශූරතාවය පැවැත්වූයේ 1949 දීය. 1964 වන විට  Volley Ball  ක්‍රීඩාව Olympic  ක්‍රීඩා උළෙලට ඇතුලු කිරීමට ජාත්‍යන්තර වොලිබෝල් සංගමයට හැකි විය.
                                     
අද වන විට ජපානය, රුසියාව, චෙකොස්ලෝවේකියාව හා ජර්මනිය වැනි රටවල්  Volley Ball  ක්‍රීඩාව සඳහා නම් දරා සිටිති.  Volley Ball  ක්‍රීඩාව කෙතරම් ජනප්‍රිය වීද යත් අද වන විට කාන්තා Volley Ball  තරඟ ද ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.