ක්‍රිකට් (CRICKET)


                                    ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ගැන පැහැදිලි තොරතුරු නැත. එහෙත් මේ ක්‍රීඩාව ආරම්භ වූයේ එංගලන්තයේ බවට සාමාන්‍ය පිළිගැනීමක් ඇත. ක්‍රිකට් ක්‍රීඩාවට මුල් වූ ප්‍රාදේශීය ක්‍රීඩා දෙකක් ගැන ඉතිහාසයේ එයි. එම ක්‍රීඩා පැවතියේ එංගලන්තයේ කැලෑබද පෙදෙස්වලය. ඉන් එකක් ක්ලබ් (CLUB)බෝල් යනුවෙන් ද අනෙක ස්ටූල් (STOOL) යනුවෙන් ද හැඳින්වී තිබේ. පොල්ලකින් බෝලයට පහර දීම මුල් ක්‍රීඩාවේ ලක්ෂණය විය. හිටවන ලද ඉන්නකට (ගසක අතු කැබැල්ලකට )බෝලය විසි කිරීම දෙවෙනි ක්‍රීඩාවේ ලක්ෂණය විය. මෙම ක්‍රීඩා කළේ එඬේරුන්වීම විශේෂයකි.
                                  ක්‍රි.ව. 1300 දී පමණ ක්‍රිකට් එංගලන්තයේ කෙන්ට් ප්‍රදේශයේ පැවති බව කියති. 17 සියවස අග වන විට මෙම ක්‍රක්‍රිකට් එංගලන්තයේ කීඩාව දියුණු තත්වයකට පත් විය. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හැම්බල්ඩන් සමාජය යනුවෙන් ක්‍රීඩා සමාජයක් 1760 දී බිහි විය. ක්‍රිකට් සම්බන්ධව මූලික නීති රීති පැනවූයේ මෙම ක්‍රීඩා සමාජයයි.
                                18 සියවස අග වන විට ක්‍රිකට් එංගලන්තයේ ජනප්‍රිය ක්‍රීඩාව බවට පත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිකට් සඳහා මධ්‍යස්ථානයක් ලන්ඩන් නුවර ලෝඩ්ස් හි විවෘත විය. එය මේරිලිබෝන් ක්‍රිකට් ක්ලබ් (M.C.C.) යනිවෙන් නම් විය. එම ක්‍රීඩා සමාජය 1835, 1884, 1947 යන වර්ෂ වලදී ක්‍රිකට් සඳහා නීති රීති සකස් කළේය. බෝල් කිරීමේදී හා පහර දීමේදී විධිවිධාන නියම විය.
ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීම සම්බන්ධ ගෞරවය, වෛද්‍යවරයෙකු වූ ඩබ්. ජී. ග්‍රේස්ට හිමිව ඇත. ඔහුගේ  සුවිශේෂී ක්‍රිකට් හැකියාවන් නිසා ඔහු ලෝකයේ පළමු වන ක්‍රිකට් වීරයා වූ බව පෙනේ. 1873 දී එංගලන්තයේ ප්‍රාදේශීය අධිරාජ්‍යයේ ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන කරුණ විය. එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් තරඟය 1877 දී පැවැත්විණි.
                              ඉන්දියාව හා වෙනත් ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ රටවල ඉංග්‍රීසි හමුදා නිලධාරීන්, ව්‍යාපාරිකයින්, පරිපාලන නිලධාරීන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු වීම හේතුකොට ගෙන, ස්වදේශික ප්‍රභූ පන්තිය ද එම ක්‍රීඩාව ගැන උනන්දු විය. 1909 දී ඉම්පිරියල් (අධිරාජ්‍යය) ක්‍රිකට් සම්මේලනය බිහි විය. මෙම සමුළුවේ සාමජිකයින් වූයේ අධිරාජ්‍යයට අයිති රටවල් පමණය. වෙනත් රටවලට ද මෙහි සාමජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය වූයෙන් එහි නම වෙනස් විය. ඒ අනුව 1956 දී ජත්‍යන්තර ක්‍රිකට් සමුළුව බිහි විය.
                             ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව වැනි රට වල ක්‍රිකට් කෙතරම් පළපැදියම් වීද යතොත්, මේ රටවල ප්‍රධානතම ක්‍රීඩාව බවට පත්විය. ඉන්දියාවේ බොම්බාය (දැන් මොම්බායි ) මදුරාසිය (දැන් චෙන්නායි ) හා කල්කටාව ක්‍රිකට් සම්බන්ධව ලෝක පූජිත විය. ඉන්දියාවේ දුප්පත්කම හා නූගත්කම තුරන් කිරීමේ ව්‍යාපාර අසාර්ථක වන්නේ ක්‍රිකට් පිස්සුව හා සිනමා පිස්සුව නිසා යැයි සැලකේ. ක්‍රිකට් ඉන්දියාවේ ජනප්‍රිය වීම හේතු කොට ගෙන 1886 දී පාර්සි ජාතික ක්‍රිකට් කණ්ඩායමක් එංගලන්තයේ සංචාරයක යෙදුණේය.ඉන්දියාව ඇතුළත ප්‍රධාන කණ්ඩායම් තරඟ ජාතිවාදී ස්වරූපයක් ගත්තේය. ඊට හේතු සියලුම ප්‍රධාන ක්‍රිකට් සමාජ හා සංගම් "ජාතිය" අනුව පිහිටුවා තිබීමය. යුරෝපා කණ්ඩායම, මුස්ලිම් කණ්ඩායම, හින්දු කණ්ඩායම, පාර්සි කණ්ඩායම එවැනි කණ්ඩායම් කිහිපයක් විය.
                  
 1932 දී එංගලන්තය හා ඉන්දියාව අතර ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වුණි. 1935 දී සුප්‍රසිද්ධ රංජිත් පළිහ සඳහා වන තරඟ මාලාව ආරම්භ විය.1820 තරම ඈතක ශ්‍රී ලංකාවේ සිටි ඉංග්‍රීසි හමුදා නලධාරීහු ක්‍රිකට් ක්‍රීඩා කළහ. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික  සමුළුවේ පූර්ණ සාමජිකත්වය ලැබුණේ 1980 දීය. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වූයේ ඇමතිවරයෙකුව සිටි ගාමිණී දිසානායක මහතාය. ප්‍රථම ටෙස්ට් තරඟය එංගලන්තය සමඟය. ජය එංගලන්තයට අයත් විය.