ක්‍රීඩාවේ පරමාර්ථය විය යුත්තේ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු බිහි කිරීමය.නමුත් වර්තමානයේදී සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු බිහි කිරීම වෙනුවට මුදලින් පරිපූර්ණ පුද්ගලයන් බිහිකිරීමට ප්‍රමුඛතාවය ලැබී ඇති බැවින් ක්‍රීඩාව ඉතා කණගාටුදායක තත්වයකට ඇද වැටී තිබේ. වර්තමාන දෙමාපියන්ට් වුවමනා වී ඇත්තේ තම දරුවන් සෞඛ්‍යමත් පුරවැසියෙකු කිරීමට නොව ජනප්‍රිය පොහොසත් පුද්ගලයෙකු කිරීමටය. එහිදී දෙමාපියන් වර්තමාන ජනප්‍රිය ක්‍රීඩකයන් උදාහරණයට ගෙන ඔවුන්ගේ අනුරුවන් බිහි කිරීමට පමණක් උත්සහ ගන්නා විනා සෞඛ්‍යමත්, ක්‍රීඩාවට සේවයක් කරන පුද්ගලයන් බිහි කිරීමට උත්සහ නොගනී.
තවද අපට අතීතයේදී දක්නට ලැබූ ඉතා වටිනා ජන ක්‍රීඩා වර්තමානයේදී අබාවයට ගොස් ඇති අතර එම වටිනා ජන ක්‍රීඩා වර්තමාන සමාජය තුලින් ගිලිහී ගොස් ඇත. එම වට්නා ජන ක්‍රීඩා ආරක්ෂා කර ගැනීමට විධිමත් ක්‍රියාවලියක් ගෙන ඇත්ද යන්න ගැටලුවකි. මනස දියුණු වන පOච දැමීම, ඔළිද කෙළිය වැනි ක්‍රීඩා අද දක්නට නොලැබෙන අතර හුදෙක් මනස විකුර්ති වන ආකාරයේ ක්‍රීඩා බහුල වශයෙන් අද දක්නට ලැබේ. අතීත ජන ක්‍රීඩා තුලින් අපට ගත හැකි දේ බොහෝ වන බැවින් එම වටිනා ක්‍රීඩා තව අවුරුදු සිය ගණනාවකට ආරක්ෂා කර ගත යුතු වේ.
එබැවින් e-ක්‍රීඩා යන සංකල්පය තුලින් හෝ අප මෙම වටිනා ජන ක්‍රීඩා ආරක්ෂා කර ගත යුතු ආකාරය සිතා බැලිය යුතු වේ. එහිදී අපට පරිගණක ක්‍රීඩාවක් ලෙස එම අතීත ජන ක්‍රීඩා සකස් කර වර්තමාන සමාජයට ලැබීමට සැලැස්වුවහොත් අපට මෙම ක්‍රීඩා පිළිබදව වර්තමානයා දැනුවත් කළ හැක.
එවිට මෙම ක්‍රීඩා සමාජය තුල ජනප්‍රිය වේ. e- ක්‍රීඩා යන සංකල්පය උපයෝගී කර ගනිමින් අපට කළ හැකි දේ බොහෝ වන අතර එමගින් සමාජයට කළ හැකි සේවය අතිමහත්ය.
එමනිසා e-ක්‍රීඩා සංකල්පය ක්‍රීඩාවේ අනාගතය සදහා යොදා ගත හැකි ආකාරය විස්තරාත්මකව දැන ගැනීම සදහා නොවැම්බර් 19,20,21 දිනයන් හීදී කොළඹ SLECC හීදී පැවැත්වෙන JAVA SRI LANKA ප්‍රදර්ශනයට පැමිණ e-ක්‍රීඩා කුටියටද පැමිණෙන්න.


No comments:
Post a Comment