Obstacles Regarding Sports in Sri Lanka






ක්‍රීඩාව(sports) වූ කලී සංස්කෘතියක(in a culture) ඉතා වැදගත් අංගයකි. එහෙත් තුන්වෙනි පාන්තික රටක් වන ශ්‍රී ලංකාවේ(Sri Lanka) ක්‍රීඩාවට හිමිවන තැන එතරම් ප්‍රශංසනීය නොවේ. ශ්‍රී ලංකාව තුළ නොයෙකුත් ක්‍රීඩා පැවතියද ඒවා බොහෝවිට හුදෙක් තරඟකාරීත්වය(competition) පමණක් අරමුණු කොටගෙන පැවතේ. උදාහරණයක් ලෙස මෑත කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා ජනප්‍රිය තත්වයක පවතී.ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් ජ්‍යාත්‍යාන්තර(international) මට්ටමේද ඉහළ ජයග්‍රහන ලබාගනී. එහෙත් ඉන් පරිබාහිරව ක්‍රීඩාව වෘත්තිය කර නොගත් මිනිසුන් ක්‍රීඩාවල නියුක්ත වන්නේ ඉතාමත් කලාතුරකිනි.
විශේෂයෙන්ම වයස අවුරුදු තිහට වඩා වැඩි ජනයා ක්‍රීඩාවල නියුක්ත නොවන තරම්ය. එයට බොහෝ විට හේතූන් ලෙස ඔවුන් දකින්නේපවුල්වල ගැටළුකාර්යබහුල බව වැනි ගැටළුය. පාසල් වියේ පසුවන ළමුන් දහය වසර පමණ වන තෙක් මාපියන් විසින් ක්‍රීඩාවට නැඹුරු කළදඉන්පසු එළඹෙන අ.පො.ස. සා.පෙ. විභාගය සඳහා සූදානම් වනු වස් ක්‍රීඩා කටයුතු නතර කරයි. මෙසේ කුඩා කළ සිටම විභාග සමත් වීමේ මානසිකත්වය නිසා එම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව වෙනයම් අධ්‍යාපනයක් ලැබීමට ඇති ප්‍රවණතාව අල්පය. එමෙන්ම විද්‍යාව ගණිතය කෙරෙහි දක්වන උනන්දුව සිසුන් තම තමාගේ සෞඛ්‍ය(health) හා සුවපැවැත්ම කෙරෙහි නොදක්වයි. බොහෝවිට ඒවා විභාගයෙන් පසුවට කල් දමයි.
එසේම මූල්‍යමය අපහසුතාද ක්‍රීඩා කෙරෙහි යොමුවීම අවම කිරීමට ප්‍රධානම හේතුවක් වේ. අප රටේ බහුතරයක් ජනයා දුගී බවින් පෙලෙන හෙයින් උනන්දුව හා අශාව තිබුණද ඉදිරියට යාමට ඇති අවස්ථා අඩුය. තවද ඇතැම් මාපියන්ගේ නූගත්කම හා සාම්ප්‍රදායික අදහස් නිසාවෙන් ගැහැණු දරුවන්ව ක්‍රීඩාවලට යොමු කිරීමේ මැළිකමක්ද දක්වයි.
මෙසේ ශ්‍රී ලාංකික සමාජය තුළ ක්‍රීඩා සම්බන්ධයෙන් නොයෙකුත් ගැටළු හා මතිමතාන්තර පැවතෙන අතර මේ සඳහා විසඳුම් ලෙස නොයෙකුත් යෝජනා ක්‍රියාත්මක වෙමින් හා ක්‍රියාත්මක කිරීම්ට සැළසුම් කර ඇත. ක්‍රීඩාව නගාසිටුවීමට(uplifting of sports) වර්ථමානයේ බොහෝ රාජ්‍ය(government) මෙන්ම රාජ්‍ය නොවන(non-government) සංවිධාන(organizations) හා ආයතන(institutions) පෙළගැස්වී ඇත. 



එසේම විද්‍යුත් මාධ්‍ය(electronic media) හරහා Olympic, Asian Games, FIFA, ICC වැනි  අන්තර්ජාතික ක්‍රීඩා උලෙළ පෙන්වීමෙන්දජාතික වශයෙන් ක්‍රීඩා  පිළිබඳ විකාශනය වන සඟරාමය වැඩසටහන් ද ජනයා ක්‍රීඩාකෙරෙහි යොමු කිරීම සඳහා උපකාර වේ. එසේම ශාරීරික යෝග්‍යතා වැඩසටහන්(physical fitness programs) හා නොයෙකුත් තෝරාගත් ක්‍රීඩා පිළිබන්ද විකාශනය වන වැඩසටහන් මගින්ද පුවත්පත්වල(newspapers) ක්‍රීඩා අතිරේක සහ ක්‍රීඩා සඟරා(sports magazine) මගින්ද මාධ්‍ය(media) තුළ ක්‍රීඩාවට තැනක් ලබාදේ.








එසේම දේශීය ක්‍රීඩා වන එල්ලේචක්ගුඩු වැනි ක්‍රීඩා පිටිසර පළාත්වල පාසැල්වල උගැන්වීමට කටයුතු යෙදීමෙන්(from the known to yet unknown…) ද ග්‍රාමීය මට්ටමින් ක්‍රීඩා සමාජ පිහිටුවීමෙන්ද ක්‍රීඩාව වත්මන් ශ්‍රී ලාන්කික සමාජය තුළ නගාසිටුවීමට සැළකියයුතු මෙහෙවරක් සිදුවේ.