Sunday, November 14, 2010

ශාරීරික අධ්‍යාපනයේ පසුබිම BACKGROUND OF PHYSICAL EDUCATION

  අධ්‍යාපනය යනු පූර්ණ පෞරුෂයක් ඇති සමබර පිරිසක් ඇති කිරීම‍යි. මෙහිදී පූර්ණ සමබර පෞර්ෂයක් ඇති පුද්ගලයෙක් වශයෙන් අප අදහස් කරන්නේ ශාරීරික, මානසික , සදාචාරාත්මක , චිත්තවේගීය හා සමාජීය වශයෙන් දියුණු වීමයි. මෙහිදී සියලු අංගයන්ගෙන්ම පරිපූර්ණ වූ පුද්ගලයින් ප්‍රායෝගික ලෝකයේ දක්නට නොමැත. කිසියම් මට්ටම්වල තත්වයක් , ඉතා පහළ තත්වයක් හා මධ්‍යස්ථ තත්වයක් වශයෙන් වෙන්කොට දැක්විය හැක.
         

                                               අවිධිමත් , නොවිධිමත් හා විධිමත්ව උපන්දා සිට අත්දැකීම් අනුසාරයෙන්අධ්‍යාපනයක් ලබන මිනිසා විධිමත් අධ්‍යාපනය තුලින් සීමිත කොටසක් බවට පත්වේ.

                                                                   
                                           පාසල් ක්ෂේත්‍රය තුළ සාමාන්‍ය අධ්‍යාපනය විධිමත්ව ලබති. නමුත් අවිධිමත් ක්‍රියාකාරකම් එහි නැතුවා නොවේ. කෙසේ වුවද යහපත් පුරවැසියෙක් සදහා පංචවිධ ක්ෂේත්‍රයන් සම්පූර්ණ කිරීමේදී පාසල් සිසුවා ඒ මට්ටමට පුරුදු පුහුණු කළ යුතුය.ඒ අනුව පොතට පතට අනුව පමණක් නොව විෂය බාහිර ක්‍රියාකාරකම් වලටද සිසුන් යොමු කිරීම ද වැදගත් වේ. විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් පමණක් නොව විධිමත් අධ්‍යාපනය යටතේ ද මෙම කාර්යය කළ යුතුය. මේ අනුව ශාරීරික අධ්‍යාපනය මගින්ද මෙම කාර්යය විධිමත් ව ඉටු කළ හැක. සාමාන්‍ය අධ්‍යාපනය සමග ශාරීරික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුය. එහි ප්‍රතිඵලය වනුයේ පොත පතට පමණක් හුරු  වී මානසික වර්ධනයක් ඇති කර ගනු ලබන ශිෂ්‍ය පිරිසකට වඩා පොත් පත් ඇසුරක් සහිතව ශාරීරික ක්‍රියාකාරකම් මගින් මානසික දියුණුව ලබා ගැනීම වේ. මේ අනුව ශාරීරික අධ්‍යාපනයේ වැදගත්කම මෙයින් පැහැදිලි වේ  .

No comments:

Post a Comment