Sunday, November 14, 2010

ක්‍රීඩාවට e-විසඳුම් E SOLUTIONS FOR SPORTS


                      අද ලෝකය තොරතුරු සමුදායක් සමග බැඳී විකාශනය වෙමින් පවතී. මේ තොරතුරු සමුදායන් වඩාත් හොඳින් හා ඉක්මනින් පාලනය කිරීමට ඇති හැකියාව දියුණුව කෙරෙහි මහත්සේ බලපායි..         

                       ගැටළු සඳහා බිහිවන සෑම සාර්ථක විසඳුමක්ම දියුණුවට දායක වේ. මෙම විසඳුම් සෙවිල්ල තොරතුරු තාක්ෂණය භාවිතයෙන් සිදු කළ විට එම විසඳුම් e-විසඳුම් වේ. ක්‍රීඩා සඳහා එසේ විසඳුම් සෙවීම ආශ්‍රිත ක්ෂේත්‍රය e-ක්‍රීඩා ලෙස හැඳින්වේ....

පරිගනක ක්‍රීඩා ඉදිරියේ ළමුන් CHILDREN AND COMPUTER GAMES


                            පරිගනකක්‍රීඩා ඉදිරියේ ළමුන් ලංව බැදී තිබේ.ළමුන් පරිගනක ක්‍රීඩා වල යෙදෙන්නේ සියළුම වැඩ අතපසු කරමින් ය ළමුන් සැබැව්න්ම දඩබ්බරයි.ඒ ළමා වයසේ ස්වභාවයයි.ඔවුන් සැමවිටම යෙදෙන්නේ දගකාරකම්වලම ය
ඇතෙම් ළමුන් මුල් දවස පුරාම පරිගනක ක්‍රීඩා වල නිරත වෙමින් සිටිති.විවිධ සංස්කෘති විවිධ මාතෘකා ඔස්සේ සැකසුනු පරිගනක ක්‍රීඩා සමාජයේ බහුලව පවතී.ඒවා ක්‍රීඩා කිරීමට ළමුන් වහ වැටී සිටිති.


වර්තමාන සමාජයේ ළමුන් පැය ගණන් දිගු වේලාවක් එක තැනම වාඩ්වී සිටීමෙන් ළමුන් තරබාරු වේ.ඔවුන්ගේ සෞඛ්ය තත්වය ද පිරිහී යයි.එක දිගට තිරය දෙස බලා සිටීමෙන් ඔවුන්ගේ ඇස් වලට හානි සිදුවේ.


මෙසේ ළමුන් පරිගනක ක්‍රීඩා වල දිගු කාලයක් නිරත වෙමින් සිටීමෙන් ඔවුන්ගේ වටිනා කාලය නිකරුනේ නාස්ති වී යයි.ළමුන්ගේ අධ්‍යායාපන කටයුතු වලට වැය කරන කාලය නිකරුනේ නාස්ති වී යයි.


මෙය මහා ඛේදවාචකයකි.


ක්‍රීඩාවේ ව්‍යාප්තිය හා නව ප්‍රවණතා............. NEW TRENDS IN SPORTS

Johan Huizinga
                       
                 මානව ශිෂ්ඨාචාරය(civilization) ආරම්භයට පෙර සිටම 'ක්‍රීඩාව' පැවති බව බොහෝ මානව විද්‍යාඥයෝ විශ්වාස කරති. ක්‍රීඩාව මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමනය හා ඍජුවම බැදී පවතින බැවින් සංකෘතිය(culture), කලාව, සංගීතය, සදාචාරය හා නීතිය වැනි අංශ වල සංවර්ධනයේ ප්‍රධාන බලවේගයක් ලෙස ක්‍රීඩාව බලපෑ බවත් Johan Huiznga නැමැති මානව විද්‍යාඥයා ඔහුගේ Homo Ludens(Man the player) නැමැති කෘතියෙහි සඳහන් කරයි. මේ අනුව ක්‍රීඩාව(sports) සමාජ සංවර්ධනයටත් සමාජ සංවර්ධනය(development) ක්‍රීඩාවටත් අන්‍යෝන්‍ය ලෙස බලපෑමක් කර ඇති බව පැහැදිලි වෙයි.








Homo Ludens(Man the player)


                   ක්‍රීඩා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් සංවිධානයෙන් වැඩි ක්‍රීඩා හා සංවිධානයෙන් අඩු ක්‍රීඩා ය. සංවිධානයෙන් වැඩි ක්‍රීඩා වලට ප්‍රධාන ක්‍රීඩා යැයිද කියනු ලැබේ. සංවිධානාත්මක ක්‍රීඩා වල ලක්ෂණ සමහරක් නම් දැඩි නීති රීති තිබීම, අර්ථකථනය වැඩි සම්පත් අවශ්‍ය වීම, සංකීර්ණ විනිශ්චයක් තිබීම ආදියයි. සංවිධානයෙන් අඩු ක්‍රීඩා වල නීති රීති අඩුය. සම්පත් විනිශ්චය, නීති රීති අර්ථකථනය කිරීම අඩුය. සමහර අවස්ථාවන්හිදී භූමි භාවිතයෙන් තොරව වුවද මෙම ක්‍රීඩා කළ හැකිය.
 
ප්‍රධාන ක්‍රීඩාවක එක් දක්ෂතාවක් හෝ දක්ෂතා රශියක් ප්‍රගුණ කිරීම සඳහා යොදා ගන්නා, නීතිරීති අඩු, විනිශ්චයකරුවන්, සම්මත මිමිව්ලින් යුත් ක්‍රීඩා පිටි, අනවශ්‍ය ක්‍රීඩා අනු ක්‍රීඩා නම් වේ. දෙදෙනෙකු අතර හෝ එකිනෙකා අතර හෝ කණ්ඩායමක් අතර එම අවථාවේ පවතින සම්පත් උපයොගී කර ගනිමින් සහජ හැකියා, ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ක්‍රීඩා සුළු ක්‍රීඩා නම් වේ.


                  නූතන් විද්‍යාත්මක, ඉලෙක්ට්‍රොනික, පරිගණක සංවධනයන් ක්‍රීඩා ක්ෂේත්‍රය කෙරෙහිද බෙහෙවින් බලපා තිබේ. සමහරක් යහපත් බලපෑම් වන අතර, සමහරක් අයහපත් බලපෑම් බවට පත්ව ඇත. ඈත අතීතයේ ක්‍රීඩා තරඟ පැවතියේ ස්වාභාවික භූමිභාගයක් මතය. පසු කලෙක සාමාන්‍ය ක්‍රීඩා පිටිවල ක්‍රීඩා තරඟ පැවැත්වුණි. 20 වන සියවසේදී විශේෂ ක්‍රීඩා උළෙලවල් සඳහා විශේෂ ක්‍රීඩා පිටි ඉදිවන්නට විය. මේවා හුදෙක් ක්‍රීඩා පිටි නොව ක්‍රීඩා සංකීර්ණයන්ය. ක්‍රීඩකයින්ට පමණක් නොව මාධ්‍යකරුවන්ට, සංවිධායකයින්ට විශේෂ ගොඩනැගිලි පහසුකම් ඉදිවිය. මෙම සංකීර්ණ විවිධ නම් වලින් හැඳින්වෙන්න්ට විය.





              ක්‍රීඩා පිටි සැකැස්මට අමතර්ව නූතන විද්‍යාත්මක දියුණුව, ක්‍රීඩා කෙරෙහි බලපාන්නට වූයේ පුහුණු කිරීම් උපකරණ හා විනිශ්චය ක්‍රම කෙරෙහිය. එහි අහිතකර බලපෑම් දක්නට ඇත්තේ සමහර ක්‍රීඩකයින් උත්තේජක හා වෙනත් ඖෂධ භාවිත මඟින් සිය දක්ෂතා වැඩි දියුණු කර පෙන්වීමට හුරුවීමය. දැනට මේවා විද්‍යාත්මක විශ්ලේෂණ මඟින් සොයා ගැනීමට හැකියාවක් ඇතත් අනාගතයේදී ඉතා සියුම් සහ සංකීර්ණ තත්ත්වයන් උද්ගතවීමට පුළුවන.
ක්‍රීඩා තරඟ විනිශ්චය සඳහා භාවිතා කෙරෙන සියුම් ඉලෙක්ට්‍රෝණික උපකරණ කෙරෙහි දුරස්ථ පාලන ක්‍රම මඟින් බලපෑම් කිරීමට හැකියාවක් ඇත. මුළු මහත් ලෝකයම වානිජකරණයට යටවී තිබේ. ක්‍රීඩා ක්ෂේත්‍රයද ඉන් මිදී නැත. මේ අනුව අනාගතයේදී සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුදල් හමුවේ ස්වකීය දක්ෂතාවයන් හා ජයග්‍රහණයන් පාවාදීම් ගැන තොරතුරු අසන්නට ලැබෙනු ඇත. දුරස්ථ පාලක ක්‍රමයන් මඟින් ක්‍රීඩකයන් හා ක්‍රීඩා උපකරණවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට මෙන්ම අක්‍රීය කිරීමටද හැකිවනු ඇත.

e- Sports

ක්‍රීඩාවේ පරමාර්ථය විය යුත්තේ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු බිහි කිරීමය.නමුත් වර්තමානයේදී සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු බිහි කිරීම වෙනුවට මුදලින් පරිපූර්ණ පුද්ගලයන් බිහිකිරීමට ප්‍රමුඛතාවය ලැබී ඇති බැවින් ක්‍රීඩාව ඉතා කණගාටුදායක තත්වයකට ඇද වැටී තිබේ. වර්තමාන දෙමාපියන්ට් වුවමනා වී ඇත්තේ තම දරුවන් සෞඛ්‍යමත් පුරවැසියෙකු කිරීමට නොව ජනප්‍රිය පොහොසත් පුද්ගලයෙකු කිරීමටය. එහිදී දෙමාපියන් වර්තමාන ජනප්‍රිය ක්‍රීඩකයන් උදාහරණයට ගෙන ඔවුන්ගේ අනුරුවන් බිහි කිරීමට පමණක් උත්සහ ගන්නා විනා සෞඛ්‍යමත්, ක්‍රීඩාවට සේවයක් කරන පුද්ගලයන් බිහි කිරීමට උත්සහ නොගනී. 

                                


                                             තවද අපට අතීතයේදී දක්නට ලැබූ ඉතා වටිනා ජන ක්‍රීඩා වර්තමානයේදී අබාවයට ගොස් ඇති අතර එම වටිනා ජන ක්‍රීඩා වර්තමාන සමාජය තුලින්  ගිලිහී ගොස් ඇත. එම වට්නා ජන ක්‍රීඩා ආරක්ෂා කර ගැනීමට විධිමත් ක්‍රියාවලියක් ගෙන ඇත්ද යන්න ගැටලුවකි. මනස දියුණු වන පOච දැමීම, ඔළිද කෙළිය වැනි ක්‍රීඩා අද දක්නට නොලැබෙන අතර හුදෙක් මනස විකුර්ති වන ආකාරයේ ක්‍රීඩා බහුල වශයෙන් අද දක්නට ලැබේ. අතීත ජන ක්‍රීඩා තුලින් අපට ගත හැකි දේ බොහෝ වන බැවින් එම වටිනා ක්‍රීඩා තව අවුරුදු සිය ගණනාවකට ආරක්ෂා කර ගත යුතු වේ.
                                             එබැවින් e-ක්‍රීඩා යන සංකල්පය තුලින් හෝ අප මෙම වටිනා ජන ක්‍රීඩා ආරක්ෂා කර ගත යුතු ආකාරය සිතා බැලිය යුතු වේ. එහිදී අපට පරිගණක ක්‍රීඩාවක් ලෙස එම අතීත ජන ක්‍රීඩා සකස් කර වර්තමාන සමාජයට ලැබීමට සැලැස්වුවහොත් අපට මෙම ක්‍රීඩා පිළිබදව වර්තමානයා දැනුවත් කළ හැක. 

                                            එවිට මෙම ක්‍රීඩා සමාජය තුල ජනප්‍රිය වේ. e- ක්‍රීඩා යන සංකල්පය උපයෝගී කර ගනිමින් අපට කළ හැකි දේ බොහෝ වන අතර එමගින් සමාජයට කළ හැකි සේවය අතිමහත්ය. 

                                         



                                          එමනිසා e-ක්‍රීඩා සංකල්පය ක්‍රීඩාවේ අනාගතය සදහා යොදා ගත හැකි ආකාරය විස්තරාත්මකව දැන ගැනීම සදහා නොවැම්බර්‍ 19,20,21 දිනයන් හීදී කොළඹ SLECC   හීදී පැවැත්වෙන  JAVA SRI LANKA   ප්‍රදර්ශනයට පැමිණ e-ක්‍රීඩා කුටියටද පැමිණෙන්න. 

ශාරීරික අධ්‍යාපනයේ පසුබිම BACKGROUND OF PHYSICAL EDUCATION

  අධ්‍යාපනය යනු පූර්ණ පෞරුෂයක් ඇති සමබර පිරිසක් ඇති කිරීම‍යි. මෙහිදී පූර්ණ සමබර පෞර්ෂයක් ඇති පුද්ගලයෙක් වශයෙන් අප අදහස් කරන්නේ ශාරීරික, මානසික , සදාචාරාත්මක , චිත්තවේගීය හා සමාජීය වශයෙන් දියුණු වීමයි. මෙහිදී සියලු අංගයන්ගෙන්ම පරිපූර්ණ වූ පුද්ගලයින් ප්‍රායෝගික ලෝකයේ දක්නට නොමැත. කිසියම් මට්ටම්වල තත්වයක් , ඉතා පහළ තත්වයක් හා මධ්‍යස්ථ තත්වයක් වශයෙන් වෙන්කොට දැක්විය හැක.
         

                                               අවිධිමත් , නොවිධිමත් හා විධිමත්ව උපන්දා සිට අත්දැකීම් අනුසාරයෙන්අධ්‍යාපනයක් ලබන මිනිසා විධිමත් අධ්‍යාපනය තුලින් සීමිත කොටසක් බවට පත්වේ.

                                                                   
                                           පාසල් ක්ෂේත්‍රය තුළ සාමාන්‍ය අධ්‍යාපනය විධිමත්ව ලබති. නමුත් අවිධිමත් ක්‍රියාකාරකම් එහි නැතුවා නොවේ. කෙසේ වුවද යහපත් පුරවැසියෙක් සදහා පංචවිධ ක්ෂේත්‍රයන් සම්පූර්ණ කිරීමේදී පාසල් සිසුවා ඒ මට්ටමට පුරුදු පුහුණු කළ යුතුය.ඒ අනුව පොතට පතට අනුව පමණක් නොව විෂය බාහිර ක්‍රියාකාරකම් වලටද සිසුන් යොමු කිරීම ද වැදගත් වේ. විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් පමණක් නොව විධිමත් අධ්‍යාපනය යටතේ ද මෙම කාර්යය කළ යුතුය. මේ අනුව ශාරීරික අධ්‍යාපනය මගින්ද මෙම කාර්යය විධිමත් ව ඉටු කළ හැක. සාමාන්‍ය අධ්‍යාපනය සමග ශාරීරික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුය. එහි ප්‍රතිඵලය වනුයේ පොත පතට පමණක් හුරු  වී මානසික වර්ධනයක් ඇති කර ගනු ලබන ශිෂ්‍ය පිරිසකට වඩා පොත් පත් ඇසුරක් සහිතව ශාරීරික ක්‍රියාකාරකම් මගින් මානසික දියුණුව ලබා ගැනීම වේ. මේ අනුව ශාරීරික අධ්‍යාපනයේ වැදගත්කම මෙයින් පැහැදිලි වේ  .